සීමා සහිත ඉරිමැක්ස් ලංකා ටෙක්නොලිජීස් (පුද්) සමාගම

සීමාසහිත ඉරිමැක්ස් ලංකා (පුද්) සමාගම 2018 වර්ෂයේ ඔක්තෝම්බර් ස්ථාපනය කරන ලද අතර, මීට වසර 12කට පමණ පෙර ස්ථාපනය කරන ලද ඉරිමෝ ඇග්‍රෝසර්විසස් (පුද්) සමාගමේ වැඩ කටයුතු වඩාත් කර්යක්ෂමව සවිමත්ව හා විවිධත්වකරණයෙන් යුක්තව කරගෙන යාම පිණිස මෙම සමාගම ස්ථාපනය කරන ලදී. එහිදී මෙම සමාගම දෙක ඒකාබද්ධව සේවා කටයුතු වඩාත් පුළුල් කරමින් ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම ආවරණය වන ආකාරයට ඉතා උසස් සේවාවක් ලබා දීමේ කර්තව්‍යය සාර්ථකව කරගෙන යන බවද සතුටින් දන්වා සිටිමු.

        අප සමාගමේ කළමනාකරණය සහ සේවක මණ්ඩලය ඉතා දිගු කාලයක් ශ්‍රී ලංකාව තුල හා විදේශ රටවලද සේවය කොට බොහෝ අත්දැකීම් හා විශේෂිත දැනුමක් ලබා ඇති අතර, විදේශ රටවල පුහුණු වීම්ද අවසන් කොට ඇත. එබැවින් අපගේ සේවා ඉතා උසස් මට්ටමින් පාරිභෝගිකයා හට ලබා දීමට හැකියාව අප සතුව ඇත.

 

     මුල් අවධියේදී අප කුඩා කණ්ඩායමක් ලෙස රට පුරා විහිදී සිටින අපගේ කුඩා මට්ටමේ ගොවි මහතුන් උදෙසා මෙම නවීන තාක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කරන ලද අතර, එහිදී සරල වාරී තාක්ෂණ පද්ධති ඔවුන්ට සපයා ජල සම්පාදනය දෙමින් ඔවුන් දිරි ගැන්වීමේ ප්‍රථිපලයක් ලෙසත් කාර්යක්ෂමතාව නිසාත් කෙටි කාලයකින් එම ජනතාව එහි සාර්ථකත්වය භුක්ති විදීමින් අනතුරුව මේ සදහා යොමුවන ගොවිමහතුන්ගේ ප්‍රවනතාවයක් පැහැදිලිව  අපට දක්නට ලැබුණි.

 

      එහිදී අපගේ සන්නාමය ගොවි ජනතාව අතර ප්‍රචලිත වීමේ ප්‍රතිඵලයක් ලෙස අපහට ඉතා කෙටි කාලයකින් විශාල ගොවිබිම් සදහා පද්ධති නිර්මාණය කිරීමේ අවස්ථාව හිමිවිය. එහිදී එළවළු වගා කරන විශාල ගොවිබිම්, මහා පරිමාණ දීර්ඝ කාලීන වගා බිම් හා වතු , නවීන තාක්ෂණික හරිතාගාර, තවාන් වාණිජ මට්ටමේ පළතුරු වගා බිම් සහ අපනයන ඉලක්ක කර ගත් පළතුරු හා මල් වගාවන් සදහාද අවශ්‍ය පද්ධති අප විසින් ස්ථාපනය කර දී ඇත.

 

තවද කිරි ගොවීනට අවශ්‍ය තණ බිම් සදහා මෙන්ම ක්‍රීඩාපිටි හා උක් තේ වැනි ආර්ථික භෝග සදහා ද විවිධ ජල සම්පාදන පද්ධති සපයා දීමේ හැකියාව අපගේ වීශේෂත්වයයි.

 

මෙම සියළු පද්ධති හා උපාංග ඉතා උසස් තත්ත්වයේ නිෂ්පාදන වන අතර ලෝකයේ නවීන තාක්ෂණය භාවිතා කරන බොහෝ රටවල නියෝජිතයන් හා ආයතන දීර්ඝ කාලයක් මුළුල්ලේ අප ආයතනය හා අත්වැල් බැදගනිමින් සිටියි. එහිදී , අපගේ අසල්වැසි ඉන්දියාව, චීනය, තායිලන්තය වැනි රටවල් මෙන්ම ග්‍රීසිය , ඊශ්‍රායලය, තූර්කීය, ඇමරිකාව වැනි රටවලද නිෂ්පාදනය වන ඉතා උසස් තත්ත්වයේ පද්ධති සහ උපාංග අපසතුව පවතියි.

 

       මෙකී නිෂ්පාදන කාණ්ඩ ලෙස ඉදිරිපත් කලහොත්, බිංදු, විසුරුම්, දුර විසුරුම්, මීදුම්, ස්ප්‍රේයස් ලෙස කොටස් කල හැකි අතර, මේ සියළු දේට අවශ්‍ය ජල පෙරෙණයේ සිට සියලුම උපාංග අප ආයතනයෙන් වගකීමක් සහිතව, ඉතා සාධාරණ මිලකට පාරිභෝගික ඔබට මිලදී ගැනීමේ හැකියාව අපගේ සේවා ස්ථාන මගින් ලබා දීමට අවස්ථාව සලසා ඇත.

 

        ජල සම්පාදන පද්ධති හා උපාංග වලට අමතරව, හරිතාගාර ස්ථාපනය සදහා යොදා ගන්නා uv පොලිතීන්, කෘමී ආරක්ෂක දැල්, සෙවන දැල්, වැට ආවරණ දැල්, කුරුළු ආවරණ දැල් , පොකුණු ආවරණ දැල්, තණකොළ පාලනය සදහා යොදා ගන්නා පොලිතීන් (මල්ච් ෆිල්ම් ), ජල මෝටර්, දියර ඉසින යන්ත්‍ර, කෘෂි මෙවලම්, තවාන් තැටි ආදී සියළු කෘෂි උපකරණද අප ආයතයෙන් ලැබෙන සේවා අතර ප්‍රධාන ස්ථානයක් ගනී.

 

       තවද ඉහත කී සේවාවන් සියල්ලම ලංකාව පුරා විසිරී ඇති අපගේ සේවා නියෝජිතයන්ගෙන් සහ අප ආයතනයේ ප්‍රධාන ශාඛාව වන නො. 214 , මාතලේ පාර දඹුල්ල යන ලිපිනයේ ඇති සේවා ස්ථානයෙන්ද ,  ඉතා කාර්යක්ෂම සේවාවක් සපුරා ගැනීමේ හැකියාව පවතී. එමෙන්ම අපගේ සේවා නියෝජිතයන්ගේ සේවාවන් කොළඹ, හලාවත, කුරුණෑගල, අනුරාධපුර, වව්නියාව, යාපනය තඹුත්තේගම, නුවරඑළිය සහ පොලොන්නරුව යන ප්‍රදේශයන්ගෙන් ලබා ගැනීමේ අවස්ථාවද පවතින බව සතුටින් දන්වා සිටිමු.

IRRIMAX LANKA Technologies (Pvt) Ltd.

Irrimax Lanka Technologies (Pvt) Ltd. was established in October 2018, as a more robust, versatile and diversified version of Irrimore Agroservices (Pvt) Ltd. which was established in August 2012 and continues to work in combination.

The management and working staff of Irrimax Lanka Technologies (Pvt) Ltd. comprises of persons of highly experienced personnel having gained their expertise by working in Sri Lanka and abroad and some of them having underdone training abroad.

Initially we started as a small team installing simple irrigation systems for small time farmers and later as our name spread more inquiries were received and we expanded our activities to handle large scale farms, plantations, nurseries, greenhouses and commercial scale fruit farms. We successfully executed several large-scale irrigation projects for leading Plantation companies in Sri Lanka and several export oriented horticulture projects.

 

Landscape and garden and lawn irrigation is one of our specialties. We have executed many projects for luxury villas and gardens in Colombo and outstations.

 

We have supplied and installed many irrigation systems for government and semi-government organizations such as the Department of Agriculture, Minor Export Crops Department, Agrarian Services Department, Mahaweli Authority and many other Provincial and District Councils.

 

Due to the high demand for accessories and fittings for irrigation systems, we started to import our requirements initially from China and later from India, Israel, USA, Australia, Greece and Turkey.

 

Recently we started to supply and install pumps and accessories of various models and sizes for domestic and agriculture purposes. These include engine driven pumps with attachments to serve the needs of the modern-day agricultural ventures.

Now we are well stocked with all the fittings, accessories, pumps, and all other requisites for installing the most modern irrigation systems and greenhouses. In addition, we install greenhouses and supply all the requisites like shade nets, polythene covering sheets, insect nets etc.

COME TO US. WE WILL PROVIDE YOU WITH THE BEST SOLUTIONS TO ACHIEVE A SUCCESSSFUL HARVEST.